FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයින් ලියාපංදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව සෙනසුරාදා විවෘතයි..

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා ලබන සෙනසුරාදා (03) දින  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබේ.

එදින හැඳුනුම්පත් සකස් කර නොගත් පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ එක් දින සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව තවදුරටත් හැඳුනුම්පත් ලබානොගත් ඉල්ලුම්කරුවන් වෙනුවෙන් ලබන 03 වන දිනද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබීමට තීරණය කර තිබේ.