FAST NEWS

24×7 Around the Globe

2018 වසරේදී විදුලි අර්බුදයක් ඇතිවන බවට මාධ්‍ය ප‍්‍රචාර අසත්‍යයි..

2018 වසරේදී විදුලි අර්බුදයක් ඇතිවන බවට ඇතැම් මාධ්‍ය හරහා ගෙනයන ප‍්‍රචාර, වගකීමෙන් යුතුව බැහැර කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා අවධාරණය කරයි.

මේ වනවිට විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා රාජ්‍ය සහ අමාත්‍යාංශ මට්ටමෙන් ගතයුතු සියළු පියවරයන් ගෙන ඇති බවත් දැනට ස්ථාපිත විදුලි බලාගාර ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි බලගන්වා ඇති බවත් ඔහු පැවැසීය.

නැවතත් කුප්පි ලාම්පු සූදානම් කරගන්නා ලෙසට ඇතැම් පිරිස් කරන ප්‍රකාශයන්හි කිසිඳු සත්‍යයක් නොමැති බවද ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.