FAST NEWS

24×7 Around the Globe

මහින්ද මහ මැතිවරණයට එන පක්ෂය ගැන පස්වරු 4ට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරු 4.00ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී අදාළ තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධිකාරකවරයා  සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙන එම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහභාගී වීමට නියමිත බව ඔහු පැවසුවේය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වදින්නේද, එසේ නැතහොත් වෙනත් පක්ෂයකින් හෝ සන්ධානයකින් තරඟ වදින්නේද යන්න පිළිබඳව එම මාධ්‍ය හමුවේදී දැනුම්දීමට නියමිතයි.

මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාට සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විරෝධය පළ කර තිබූ බව සඳහන්ය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.