FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් වැඩි කෙරේ..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අද (28) එම සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලාභය පෙර වර්ෂයට වඩා 66%කින් ඉහළ ගොස් ඇති බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩුකිරීම එලෙස ලාභය වැඩි වීමට හේතුවී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

තවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මහා භාණ්ඩාගාරය මත යැපෙන සංස්ථාවක් නොව තම මුදලින් යැපෙන සංස්ථාවක් බවට පත් කරගන්නා ලෙස ද අමාත්‍යවරයා එහි  දී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.