FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ යෝජනාව සඳහා අද(29) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 225 දෙනාටම මෙම රුපියල් ලක්ෂයේ දීමනාව ලබාදීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.