FAST NEWS

24×7 Around the Globe

දඩ නැතිව රථ වාහන අයිතිය පවරා ගැනීමේ සහන කාලය දිගු කෙරේ…

දඩ මුදලකින් තොරව රථ වාහනවල අයිතිය තම නමට පවරාගැනීම සඳහා ලබාදී ඇති සහන කාලය මසකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

අදාළ ලිපි ගොනු සම්පූර්ණ කිරීම සඳහා ලබාදී ඇති මාස 03ක සහන කාලය මෙම මස 30 වන දිනෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්  විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශාල තදබදයක් පැවති බව එම නිසා අදාළ සහන කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.