FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි නිලධාරීන් අද සංකේත වැඩවර්ජනයක…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමෘද්ධි නිලධාරීන් අද(29) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

දිවිනැඟුම සංවර්ධන නිලධාරීන්ගේ අර්ථසාධක මුදල් ලබාගැනීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වැඩ වර්ජනයට අමතරව අද (29)  දිනයේ පාර්ලිමේන්තු වටරවුම අසළදී විරෝධතා ව්‍යාපාරයක්  පැවැත්වීමට ද නියමිත බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.