FAST NEWS

24×7 Around the Globe

මීන් ඉදිරියට මහපොළ ශිෂ්‍යාධාර මුදල් සෑම මසකම 10 වැනිදා…

මින් ඉදිරියට මහපොළ ශිෂ්‍යාධාර මුදල් සෑම මසකම 10 වැනි දිනට ලබාදෙන බව මහපොළ ශිෂ්‍යාධාර අරමුදලේ වැඩබලන අධ්‍යක්ෂක පරාක්‍රම බණ්ඩාර මහතා සඳහන් කළේය.

මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබාදීමට අදාළ සියලුම ලේඛන කටයුතු 10 වැනි දිනට පෙර අවසන් කර අදාළ මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට විශ්ව විද්‍යාලවලට උපදෙස් ලබාදුන් බවද එ මහතා පැවසිය.

මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබන පිරිස මේ වනවිට 47,000 ඉක්මවා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.