FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් පහක් නම් දෙයි.

ලබන අගෝස්තු 17 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරිම සඳහා ස්වාධීන කණ්ඩායම් පහක් දැනට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

කළුතර, නුවරඑළිය, දිගාමඩුල්ල, පුත්තලම හා අනුරාධපුරය යන මැතිවරණ කොට්ඨාස සඳහා ඇප තැන්පත් කර ඇති මෙම ස්වාධීන කණ්ඩායම් අතර දියබෙදුමේ සුමනසාර හිමිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද වේ.