FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුරයේ කෝටි හතරක රන් හා මුදල් සොරකමක්..

අනුරාධපුර නව බස්නැවතුම් පොළ අසල පිහිටි  මූල්‍ය ආයතනයකට හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ආයතනයකට ඊයේ (27) රාත්‍රියේ ඇතුළුවූ සොර කල්ලියක් එම ආයතනවල තිබූ ආරක්ෂිත සේප්පු කඩා දමා රුපියල් කෝටි හතරකට ආසන්න මුදල් හා රන් ආභරණ සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි.

මූල්‍ය ආයතනයේ සේප්පුවේ රුපියල් තුන්කෝටියකට වඩා වැඩි වටිනාකමින් යුත් උකස් ගන්නා ලද රන් ආභරණ හා මුදල් තිබූ බවට පොලීසියට පැමිණිලි ලැබී ඇති බවද පැවසේ.

ඊට අමතරව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ආයතනයේ ආරක්ෂිත සේප්පුවතුළ රුපියල් ලක්ෂ 20ඉක්මවූ මුදලක් තිබූ බවටද පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය,කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් හතරක් පරීක්ෂණ සිදුකෙරේ.