FAST NEWS

24×7 Around the Globe

වසන්ත සොයිසා ඝාතනයට එස්. එෆ් ලොක්කා යළි රිමාන්ඩ් කෙරේ..

කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනය සිද්ධියට චෝදනා එල්ල වී සිටින එස්. එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ  ලබන මස 09 වන දින දක්වා තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අද (28) නියෝග කළ බව වාර්තා වෙයි.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදා හිටපු කිමිදුම්කරුවෙකු වන විරාජ් රාජිත නැමැත්තා අනුරාධපුර මහාධිකරණ නියෝගයක් මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

ඒ අනුව දැනට මෙම ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 35 දෙනෙකු මුදාහැර තිබේ.