FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් මත 15%ක බද්දක් ගසයි …

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් මත 15%ක බද්දක් පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මීන් පෙර 32% ක බද්දක් අය කිරීමට තීරණය කර තිබුණද සංචාරක ක්ෂේත්‍රයෙන් නැගුණු විරෝධය හමුවේ එම තීරණය ඉවත් කරගැනීමට සිදුවිය.

තාවකාලික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට ඩොලරයකට 32%ක බද්දක් නියම කළහොත් එරටට පැමිණෙන පිරිස් අධෛර්මත් වනු ඇතැයි ද මත පළවිණි.

ඕස්ට්‍රේලියාවට වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන බව වාර්තා වෙයි.

මේ වන විට තාවකාලික වීසා මත පැමිණෙන සේවකයින්ගෙන් බදු අය නොකරන බවත් ඔවුන් වසරකට ඩොලර් 18 200ක්(රුපියල් ලක්ෂ 27ක්) පමණ උපයන බවත් ඔවුහු කියති.