FAST NEWS

24×7 Around the Globe

මැති අමැතීන් 27 කට වාහන ගන්න කෝටි 79 ක පරිපුරක ඇස්තමේන්තුවක්..

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසි හත් දෙනකු වෙනුවෙන් වාහන විසි අටක් මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නවකෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට පෙරේදා (26) ඉදිරිපත් කළේය.

මෙම නව වාහන 28 ක්  මිලදී ගැනීමට අදාළ මුදල් අනුමත කරන ලෙසට යෝජනා 22 ක් ඇතුළත් පරිපූරක ඇස්තමේන්තුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අංක සී.එස්.ඒ 16 හා 2016.05.18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය අනුව මෙම ප්‍රතිපාදන ඉල්ලා තිබේ.

නව වාහන ඉල්ලා ඇති අය අතර ඇමැතිවරුන් හත් දෙනකු, නියෝජ්‍ය ඇමැතිවරුන් දෙළොස් දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරු අට දෙනකු සහ විපක්ෂ නායකවරයා ද ඇත.