FAST NEWS

24×7 Around the Globe

සහන කප්පාදු කිරීමට එරෙහිව GOMA හෙට සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක..

අයවැය තුළින් සහන කප්පාදු කිරීමට එරෙහිව හෙට (28දා) සිට රෝහල් මට්ටමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

බදු මුදල් ඉහළ දමා සෞඛ්‍ය සේවාවට ලබාදුන් මුදල් කප්පාදුකර දමා තිබෙන බවත්, මීට අමතරව සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමටද යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේවෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව හෙට දිනයේදී රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පවත්වන බවයි.

මීට අමතරව ඌව පළාතේ රජයේ වෛද්‍යවරුන් සියලුම පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමටද කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

එම ක්‍රියාමාර්ගයට අමතරව 29 වැනිදා පළාත් මට්ටමින් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වා මෙම සතිය තුළදී අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බවද හෙතෙම පවසා සිටියේය.