FAST NEWS

24×7 Around the Globe

නත්තල් සැමරුම් සමය අදින් ඇරඹේ…

 

සාමයේ කුමාරයාණන්ගේ පැමිණීම සනිටුහන් කරන අසිරිමත් නත්තල් සමය අදින්(27) ආරම්භ වේ.

ලොව පුරා කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිහි කරන්නේ නත්තල් සමයේදී වන අතර කිතුණු සභාව එය හදුන්වන්නේ ‘‘ආගමන සමය’’ ලෙසයි.

මෙම සමය කූඨාප්‍රාප්තියට පත් වන්නේ දෙසැම්බර් 25 වෙනිදා සැමරෙන නත්තල් උත්සවයෙන්ය.

මේ වනවිටත්, ලෝකවාසි ජනතාව ලොව පුරා නත්තල් උත්සවයට සුදානම් වන ආකාරය දැකගත හැකි වන අතර අදින් වසර 2016 කට පෙර වතිකානුවේ – බෙත්ලෙහෙමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ලොවට සාමයේ පණිවුඩය ගෙන එමින්ය.

අසල්වැසියන්ට ප්‍රේම කිරිම උන්වහන්සේගේ දහම් යාත්‍රාවේ මුලිකාංගයයි.