FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්‌ථා කෙටුම්පත සහ විගණන පනත ජනවාරියේ කරළියට…

ලබන වසරේ (2017) ජනවාරි මස තුළ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත මෙන්ම ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ව්‍යවස්‌ථා කෙටුම්පත ජනවාරි මුල සහ විගණන පනත එම මස අගදී ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පැවසේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය ලබන ජනවාරි මසදී යෙදෙන බැවින් මෙම නව පනත් රටට හඳුන්වා දී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් වාර්තා වේ.