FAST NEWS

24×7 Around the Globe

යුධ අපරාධ චෝදනා ඉවත දමන්නැයි ශ්‍රී ලංකාව ට්‍රම්ප්ගෙන් ඉල්ලයි…

යුද අපරාධ චෝදනාව ඇතුළු ජිනීවා යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙනෙට්‌ සභාවෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය පසුගිය 24 වැනිදා ට්‍රම්ප්ට සහ සෙනෙට්‌ සභිකයන් 16 දෙනකුට ලැබීමට සලස්‌වා ඇති බවද පැවසේ.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වූයේ හිලරි ක්‌ලින්ටන් සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් බව එම සංදේශයේ දක්‌වා ඇති බවද වාර්තා වේ..