FAST NEWS

24×7 Around the Globe

මහින්දට නාම යෝජනා දෙනවාද නැද්ද – මෛත්‍රීගෙන් නිළ ප්‍රකාශයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (3) ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන්ට ඊයේ (02) දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂවල නායකයින් ඊයේ (2) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය, ඇතුළුව සන්ධානයේ අපේක්ෂාකත්වය ඉල්ලා සිටියහ.

මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සමඟ සිටින හිටපු මැතිඇමැතිවරුන්ටද නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය ලබාදිය නොහැකි බවයි. එසේ වුවද හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳ අද ප්‍රකාශ කරන බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය ලබාදිය නොහැකි බවයි. එසේ වුවද හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳ අද ප්‍රකාශ කරන බව කියා සිටියේය.