FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි…

 

දිවයිනේ දකුණු සහ නැගෙනහිර කොටස්වලට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසති.

ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන අතර තද වැසි ද බලාපොරොත්තු විය හැකිය.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන, විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එසේම සුළං ඊසාන දෙසින් හමන අතර සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 40ත් අතර පමණ වේ.