FAST NEWS

24×7 Around the Globe

රාජීතට ජනපති අරමුදලෙන් රු.කෝටියක් වෙන් කළේ කෙසේදැයි අනුර අසයි…

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එ අනුව 2016/03/01 හා 2016/03/04 දා පිළිවෙළින් රුපියල් ලක්ෂ 25ක් හා රුපියල් ලක්ෂ 75 ක් ලෙස ජනපති අරමුදලෙන් මුදල් වෙන් කර ඇතියි අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

සාමාන්‍ය හදවත් රෝගියෙකු වෙනුවෙන් ජනපති අරමුදලෙන් බෙහෙත් ලබාගැනීමට වෙන් කරන්නේ රුපියල් 175000ක් බවත් ඔහු පැවැසීය.

ජනපති අරමුදලෙන් මුදල් වෙන් කිරීමේ නිර්නායක කවරේදැයි පවසන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.