FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් – ලොතරැයි ඇතුළු ආයතන 22ක් 2017දී කොප් කමීටුවට..

රාජ්‍ය ආයතන 22ක ප්‍රධානීන් ලබන වසරේ පළමු කාර්තුව වෙනුවෙන් ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට තීරණය කර ඇත. ‍

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 දා පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වු කෝප් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

එම තීරණය ප්‍රකාරව ලබන ජනවාරි මාසයේදී, පෙබරවාරි මාසයේදී හා මාර්තු මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ආයුර්වේද සංස්ථාව ඇතුළු ආයතන 22 ක් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතවේ.