මාධ්‍යයට අවශ්‍ය කරන්නේ රට යහමගට ගන්නා ප්රවෘත්ති නොව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, දේශපාලන ගැටුම් බවත් මේ රට විනාශ කරන්නේ පුවත්පත්වල මුල් පිටුව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඊයේ (22) බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හි දී පැවති විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.
රටක් හදන්න මාධ්‍යයේ වගකීම එසේ මෙසේ එකක් නොවන බවත්, නමුත් මාධ්‍යයට අවශ්‍ය කරන්නේ ආණ්ඩු පෙරළීමට, ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට දේශපාලනඥයන් අලුතින් හැදීමට, දේශපාලනඥයන් බලයෙන් පහ කිරීමට බවත්, එය මේ රටේ මාධ්‍ය චින්තනය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එම චින්තනය ලෝකයේ කිසිදු රටක නැති දේශීය චින්තනයක් බවත්, රටක් දියුණු කිරීමට නම් මාධ්‍යයේ කැපවීම මීට වඩා යහපත් වූ ගුණාංග තිබිය යුතුම බවත්, සඳහන් කළ ජනාධිපතිවරයා උදේට පුවත්පත අතට ගෙන බලන පාසල් දරුවන්ට රාජ්‍ය සේවකයාට, සාමාන්‍ය පුරවැසියාට අපි මේ රට හදන්න එකතු විය යුතුයි යන චින්තනය ලබා දීම වෙනුවට මාධ්‍ය ලබා දෙන්නේ රට නැති කරන චින්තනයක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.