FAST NEWS

24×7 Around the Globe

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කීරීමට කැබිනට් අනුමැතිය …

ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඊයේ (22) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබි ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාට සහ ඇමැතිවරයාටද මහජන නියෝජිතයන්ගෙන් පවා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව පැමිණිලි ලැබි ඇති බවද ඒ මහතා සඳහන් කළේය.