FAST NEWS

24×7 Around the Globe

2017 සඳහා බස්නාහිර වියදම රුපියල් මිලියන 61,276ක්..

2017 වසර සඳහා වු බස්නාහිර පළාත් සභාවේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 61,276ක් බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද (22දා)  මුදල් ප්‍රකාශය හා විසර්ජන ප්‍රඥප්තිය පළාත් සභාවට ඉදිරිපත් කරමින් පැවසීය.

මෙම විදයම් පියවා ගැනීම සඳහා ප්‍රදාන වශයෙන් රුපියල් මිලියන 16,516ක්ද, ජාතිය ගොඩනැගීමේ බදු සහ මුද්දර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 22,080ක්ද ලබාදීමට රජය එකඟවී  තිබෙන බවද මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව රා තැබරුම් රේන්ද  ගාස්තු ආදායම් වශයෙන් රුපියල් ලක්ෂ 565ක්ද, මෙරට මත්පැන් බලපත්‍ර ගාස්තු රුපියල් ලක්ෂ 6,000ක්ද, පිටරට මත්පැන් තැබෑරුම් රේන්ද ගාස්තු රුපියල් ලක්ෂ 80.5ක්ද බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.