FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවට ජුරීය තෙරී පත් වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විභාග කිරීම සඳහා 7 දෙනකුගෙන් යුත් විශේෂ ජූරි සභාවක් අද (22) කොළඹ මහාධිකරණයේදී පත් කෙරුණී.

විත්තිය හා පැමිණිල්ල විසින් මීට පෙර තෝරාගනු ලැබූ ජූරි සාමාජිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් අතුරින් අද අධිකරණයේදී කළ කුසපත් ඇදීමකින් පසු 7 දෙනකු ජුරීය සඳහා තොරා ගනු ලැබීය.

එ අනුව බදාදා (23) සිට දිනපතා එම නඩුව විභාගයට ගැනීමට නියමිත අතර දැනට සැකපිට සිටින තිදෙනකුට අධී චෝදනා කියවා බාරදීමද අද සිදු කෙරුණී.