FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ ප්‍රවේශ පත්‍ර තැපැල් කෙරේ – සංශෝධන 29 පෙර..

මෙවර 2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

එසේ ලබන 25 වන දින වන විට ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයඳුම්කරුවන් වෙතොත් තමන් ඉදිරිපත් කළ අයඳුම්පතේ පිටපතක් විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාව වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසද විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.

ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරයා මාර්ගයෙන් ද,  පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින් ද මෙම මස 29 වන දිනට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත තම ගැටළු ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබඳ ගැටළු පවතින්නේ නම් විභාග  දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක 1911 හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවේ දුරකථන අංක 011 2 78 42 08 හෝ 011 2 78 45 37 හෝ 011 31 88 350 සහ 011 31 40 314 යන අංක වලට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකිය.