අද (22) දිනයේ දී ඊසාන දින ජපානයේ වෙරළාශ්‍රිත ප්‍රදේශයට නිකුත්කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මියාගි, ෆුකුෂිමා, ඉවාතෙ හා ඉබරකි යන පළාත් වලට මෙම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද (22) උදෑසන 6.00 ට පමණ මියාගි හා ෆුකුෂිමා ප්‍රදේශ වල ඇති වූ රිච්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනයක් සමග මීටර් 3ක් පමණ උසැති සුනාමි රළ පැමිණෙනු ඇතැයි අනතුරු අඟවා තිබුණි.
මෙම අනතුරු ඇඟවීමත් සමග වහාම ඒ ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කර තිබේ.
කෙසේවෙතත්, වසර 2011 න් හානියට පත්වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මෙම භූකම්පනයෙන් හානි සිදුව නැතැයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
+++++++++++++++++++++++++++++++++(update)
ජපානයේ ප්‍රබල භූ කම්පාවක් – සුනාමි අනතුරුඇඟවීමක්… (වීඩියෝ)
ඊසානදිග ජපානයට බලපා ඇති රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූ කම්පනයක් සමග සුනාමි අවදානමක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසා තිබේ.
එරට වේලාවෙන් අඟහරුවාදා උදෑසන 6.00 ට පමණ ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා අංශ පවසා තිබේ.
මේ අතර ෆුකුෂිමා ආශ්‍රිතව අඩි 3.3ක පමණ ප්‍රථම උදම් රළ පැමිණීමක් වාර්තා වන බව ප්‍රංශ පුවත් සේවය පවසා ඇති අතර මෙම උදම් රළ එරට වේලාවෙන් 6.38 ට පමණ ෆුකුෂිමා වෙරළ ආශ්‍රිතව ඇති වී තිබේ.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 25ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බවත්, අඩි 10කට (මීටර් 3ක පමණ) වැඩි උසකින් යුතු උදම් රළ ඇති වීමේ හැකියාවක් මෙම භූ කම්පනය සතු බවටත් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනයක් ලෙස වාර්තා කළත්, මේ වනවිට එය 6.9ක භූ කම්පනයක් දක්වා පහත හෙළා තිබේ.
මේ අතර ප්‍රධාන භූ කම්පනයෙන් පසුව පසුකම්පන රැසක්ද ෆුකුෂිමා ආශ්‍රිතව වාර්තා වන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබේ.
2011 වසරේදී මෙම ප්‍රදේශය ආශ්‍රිතවම සිදුවූ භූ කම්පනය හා සුනාමි අනතුර හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයටද හානි පැමිනුණු අතර, මිනිස් ජීවිත රැසක් අහිමි විය.
ඒ අනුව, ෆුකුෂිමා බලාගාරයේ සිසිලන පද්ධති ක්‍රියාවිරහිත කර ඇති අතර, සුනාමි අනතුරු ඇඟවීම හේතුවෙන් බොහෝ දෙනා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර, නවසීලන්තයේ උතුරු දූපතේද රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් වාර්තා වී තිබේ.
වීඩියෝ පහතින්..