FAST NEWS

24×7 Around the Globe

බීමත්ව රිය පැදවීම ඇතුළුව වැරදි 6 කට රුපියල් 25,000 ක දඩයක්..

බීමත්ව රිය පැදවීම,අධික වේගය ඇතුළු රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව ඔහු කියා සිටියේය.

ඒ අනුවබීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හෝ එවැන්නෙකුට තම රථය පැදවීමට ඉඩදීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම ගැටළුවක් නොවන බව විජේරත්න මහතා සඳහන් කළේය.