FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ අවපීඩනයෙන් අද සිට දින තුනක් තද වැසි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වනවිට දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණු තිබෙන බවත් ඒ හේතුවෙන්  වැසි තත්වයේ වර්ධනයක් තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට 21දා දක්වා මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර, ඌව සහ දකුණු, පළාත්වල වැසි වර්ධනයක්  අ‍පේක්ෂා  කල හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල, තද වැසි (100 MM) ඉක්මවූ වැසි  බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ වෙයි.

දිවයින වටා වන  මුහුදු ප්‍රදේශවල  දැනට පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්  එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී.70-80) ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.