FAST NEWS

24×7 Around the Globe

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය අද පාර්ලිමේන්තුවේදි රැස් වෙයි..

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය අද (19 දා) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා ගැබෙහි රැස්‌වේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වරට කියෑවීමේ විවාදය ආරම්භ කිරීමට පෙර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය මෙසේ රැස්‌වීමට නියමීතය.

මෙහිදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමේ මෙහෙයුම් කමිටු සභාපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්‌ථා සම්පාදන අනු කමිටු වාර්තා හය අතුරු වාර්තාවත් සමඟ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයට පිළිගැන්වීම සිදු කෙරේ.