උතුරු පළාත් සභාවේ වත්මන් විපක්ෂනායකවරයා වන සින්නතුරෙයි තවරාජා මහතා එම ධූරයෙන් ඉවත් කොට කිලිනොච්චිය දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී වෛත්තියනාදන් තවනාදන් නමැති මන්ත්‍රීවරයා පත් කරන ලෙසට ඊ.පී.ඩී.පී පක්ෂ නායකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
සින්නතුරෙයි තවරාජා මහතා ඊ.පී.ඩී.පී පක්ෂයෙන් තරඟකොට උතුරු පළාත් සභාවට තේරිපත්වූවෙකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වත්මන් විපක්ෂනායකවරයා කියාසිටියේ ඊ.පී.ඩී.පී පක්ෂ නායකත්වය විසින් අදාළ ඉල්ලීම කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කොට ඇති බවත් එහිදී සුදුසු කටයුතු සිදුකරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කොට ඇති බවත්ය.
තවරාජා මහතා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුකාරවරයා වෙත යොමුකර ලිපියේ පිටපත් පළාත් සභා සභාපතිවරයා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙතද යොමුකොට ඇති බවයි.
උතුරු පළාත් සභා සභාපතිවරයා අදාළ ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත හා ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකොට ඇති අතර අදාළ කාරණය සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාමාර්ග ගත නොහැකි බවට සභාපතිවරයා පිළිතුරු යවා ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා විපක්ෂ මන්ත්‍රී වී. ජයතිලක මහතාගෙන් විමසීමේදී ජයතිලක මහතා පැවසුවේ තවරාජා මහතා ඉවත් කිරීමට පළාත් සභා විපක්ෂ මන්ත්‍රීවරුන් අකමැති බවයි.
මේ අතර සින්නතුරෙයි තවරාජා මහතා මහතා හා ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා අතර ඇති මත ගැටුමක් හේතුවෙන් තවරාජා මහතා විපක්ෂනායක තනතුරෙන් ඉවත් කරන ලෙසට ඩග්ලස් දේවානන්ද මහතා ඉල්ලීම් කොට ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.