FAST NEWS

24×7 Around the Globe

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 107 කින් සම්මතයි..

2017 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාව දෙවැනි වර කියවීම අද (18) වැඩි ඡන්ද 107 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 162 සහ විපක්ෂව ඡන්ද 55 ලැබිණු අතර ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 07 කු සභා ගැබේ නොසිටියහ .

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන එකසත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙන්ම විපක්ෂ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය අයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.