FAST NEWS

24×7 Around the Globe

මොසැම්බික් රාජ්‍යයේ ඉන්ධන බවුසර් පිපිරීමකින් 73 ක් මීය යයි..

මොසැම්බික් රාජ්‍යයේදී ඉන්ධන පිරවූ බවුසරයක් පිපිරීම හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේස් පුවත් වාර්තා පවසයි.

මලාවි රාජ්‍යයේ දේශසීමා ආසන්න ටෙටේ පළාතේ, කැෆිරිඩ්සන්ගේ ගම්මානයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන්ධන රථය අනතුරට පත්වීමෙන් පසුව ඉන් බැහැරට විසිරී ගිය ඉන්ධන එකතු කිරීමට ජනතාව පොරකමින් සිටි අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී ඇති බව මොසැම්බික් රජය තහවුරු කර තිබේ.

මොසැම්බික් රජයට අනුව මෙම පිපිරීමෙන් ජීවිත 73ක් අහිමි වී ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.