FAST NEWS

24×7 Around the Globe

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද අවසන් – ජන්දය අද..

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට පසුගියදා (10දා) ඉදිරිපත් කළ  අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය අද(18දා) අවසන් වන අතර දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට සිදු කෙරේ.

දෙවැනි වර කියැවීමේ විවාදය පසුගිය 11දා ආරම්භ වූ අතර එය පුරා දින 6ක් පැවැත්විණි.

අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ විවාද කෙරෙන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට(19දා) ආරම්භ කෙරේ.