FAST NEWS

24×7 Around the Globe

සාලාව වැසියන්ගේ විරෝධතාවයක් නිසා කොළඹ ලෝටස් වටරවුම වැසේ…

සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපුරුමෙන් හානියට පත් නිවාසවල හිමිකරුවන් තමන්ට ලැබිය යුතු වන්දි මුදල් ලබාදීම ප්‍රමාදැයි පවසමීන් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ලෝටස් වටරවුම ප්‍රදේශය මේවන විට අවහිර වී තිබේ.

මේ හේතුවෙන් එම වට රවුම ගාලු මෝදරින් වසා දමා ඇති බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

සාලාවේ සිදුවිමෙන් නිවාස හා වෙළඳසැල් හානි වූ පිරිස් තමන්ට වන්දි ලබාදෙන ‍ලෙස ඉල්ලා පසුගිය කාලයේදී කොළඹ – රත්නපුර පාර අවහිර කරමින් අවස්ථා කිහිපයකදීම විරෝධතා දැක්වීය.