ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලන බලතල අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා නැවත වරක් ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමල ද්‍රවිඩ සංවර්ධන කේන්ද්‍රය විසින් ත්‍රිකුණාමලයේදී පැවැත්වූ උත්සවයක් ඇමතූ සම්බන්ධන් මහතා ද්‍රවිඩ ජනතාවගේ ගැටලුව විසඳීම සඳහා ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලන බලතල අවශ්‍ය බව පවසා තිබේ.
ද්‍රවිඩ සන්ධාන නායකයා මෙම ප්‍රකාශය කිරීමෙන් පසු ලන්ඩන් නුවර ගෝලීය ද්‍රවිඩ සංසදය ප්‍රකාශයක් කරමින් උතුරේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනය ලබාදිය යුතු බව ඉල්ලා ඇත.







