FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් තොරතුරු නිලධාරීන් 500 ක්..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරීන් 500ක් පත් කිරීම සඳහා මේ වනවිට පියවර ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා පවසයි.

තොරතුරු නිලධාරීන් පත් කිරීම පිළිබඳව සියලු රාජ්‍ය ආයතන දැනුම්වත් කර අදාල චක්‍රලේඛ නිකුත් කර ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාවල පළාත් අමාත්‍යාංශ, පළාත් දෙපාර්තමේන්තු ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරීන් පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම පනත යටතේ එක් රාජ්‍ය ආයතනක් සඳහා තොරතුරු නිලධාරියෙකු මෙන්ම අභියාචනා නිලධාරියෙක් ද පත් කරනු ලබන අතර ආයතන ප්‍රධානියා අභියාචනා නිලධාරියා වෙයි. එම ආයතනයේ දෙවැනි මට්ටමේ විධායක නිලධාරීයා තොරතුරු නිලධාරීයා ලෙස පත් කරනු ලබයි.

මෙම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ කාර්ය භාරය පැහැදිලි කරනු ලබයි. එසේම මෙම මස 23 හා 24 දෙදින පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.