FAST NEWS

24×7 Around the Globe

TNA දෙදරයි – පක්ෂයක් එළියට බසියි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී තනිවම තරග කිරීමට තීරණය කොට ඇත.

එම පක්ෂය පෙන්වා දෙන්නේ දෙමළ ජාතික සන්ධානය රජයට පක්ෂපාතී වෙමින් තම අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරනවා හැරෙන්නට දෙමළ වැසියන්ගේ ප‍්‍රශ්නවලට සහ ගැටලුවලට විසදුමක් සෙවීමට කිසිදු පියවරක් අනුගමනය නොකරණ බවයි.

දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමටත් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ලැබෙන මුදල් අපේක්ෂාවෙන් සියලු දේ කරන බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණ චෝදනා කරයි.