FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවියේ සිසුන් අඛණ්ඩ‍ සත්‍යග්‍රහයක….

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ සිසුන් ඊයේ (15) දිනයේ සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින බව වාර්තා වේ.

සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් එම පීඨයේ සිසුහු ඊයේ (15) සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.

සම සෞඛ්‍ය පීඨයේ පළමු වසර සිසුන් පීඨයෙන් ඉවතට ගෙන ඒම සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා ඇතුළු පරිපාලනය සමඟ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අදාළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට මාස 06ක පන්ති තහනමක් පරිපාලනය විසින් නියම කර තිබේ.

එම පන්ති තහනම පසුගිය මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වියයුතු වුවත් එදින හෝ ආසන්න දිනයක දඬුවම නොදී ඔක්තෝම්බර් මස 19 වැනි දින සිට පන්ති තහනම ක්‍රියාත්මක කිරීමට පරිපාලනය කටයුතු කර ඇති බව විරෝධතාවයට එක්වු සිසුන් පැවසීය.

මාස 05ක පමණ කාලයක් ප්‍රමාද කොට දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් විභාගය අතපසුවීම, පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල මත ඔහු සමත්වුවද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානයට සහභාගීවීමට අවස්ථාව අහිමිවීම වන සිදුවන බව විරෝධතාවයේ නියැලි සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලක්ෂිත මධුෂාන් සිසුවා කියා සිටියේය.