අමෙරිකාව සහ කියුබාව අතර තානාපති සබඳතා නැවත ආරම්භ කරන බව අද (01) නිල වශයෙන් ප්රකාශයට පත්කෙරෙනවා.
දෙරට අතර තානාපති සබඳතා බරපතළ ලෙස දෙදරා ගියේ 1960 වසරේදීයි. කියුබාවට එරෙහිව අමෙරිකාව විසින් වෙළෙඳ සම්බාධක පැනවීම ඊට හේතු වුණා. පළුදු වූ මෙම සබඳතා නැවත ඇති කරගැනීම සඳහා දෙරටේ නායකයින් සාකච්ඡා සිදුකරන්නේ දැන් වසර කිහිපයක සිටයි. ඉකුත් වසර අවසානයේදී ඒ පිළිබඳ වැදගත් එකඟතා කිහිපයකට එළඹීමට ඔවුන්ට හැකියාව ලැබුණා.
අමෙරිකානු තානාපති කාර්යාලයක් කියුබාවේ අගනගරය වන හවානා හි ආරම්භ කිරීමට නියමිතයි. කියුබානු තානාපති කාර්යාලයක් අමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් හි විවෘත කෙරෙනු ඇති. කෙසේ වෙතත් මෙම තානාපති කාර්යාල විවෘත කෙරෙන නිශ්චිත දිනය තවමත් තීරණය වී නැහැ.







