FAST NEWS

24×7 Around the Globe

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ…

රත්නපුර ප්‍රදේශයේ අංක 99/06 දරණ මොරගහයට පිහිටි පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින රාත්‍රී 11.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එබැවින් කොළඹ සිට බදුල්ල හා ඇඹිලිපිටිය දක්වා සහ ඇඹිලිපිටිය හා බදුල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා රියදුරන් හා මහජනතාව වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලයි.