FAST NEWS

24×7 Around the Globe

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු මගින් රුපියල් කෝටි 233ක් උපයයි..

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරුව වසරක් ගත වී මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 233කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 වසරේ නොවැම්බර් මස 13දා සිට නාවික හමුදාව වෙත පැවරුණු අතර, 2016 නොවැම්බර් මස 13 වන දිනය වන විට නැව් වාර 6,646 කින් රුපියල් කෝටි 233 කට අධික මුදල් ප්‍රමාණයක් උපයා ඇත.

ඒ අනුව, ගාල්ල සහ කොළඹ මෙහෙයුම් මධ්‍යස්ථාන මගින් පිළිවෙලින් ගමන් වාර 6150 සහ 496 ක් සිදු කර ඇති අතර, දළ වශයෙන් මසක් තුළ ගමන් වාර 554 ක් පමණ සිදු කර ඇත.

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සිදු ‍කිරීමෙන් උපයාගත් එම ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත ඍජුවම බැර කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.