FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් 01 දා සිට ප්ලෙන්ටීයේ සිට මීල වැඩි වෙයි – ආපන ශාලා පැය දෙකක් වැසේ..!

දෙසැම්බර් 1 වැනිදා සිට පානීය ජල ගාස්තු වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය හකුළා නොගතහොත්, ප්ලේන් ටී සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින්, බත් පැකට්ටුවේ සහ පිටි කෑම හැර අනෙකුත් කෑම වර්ග මිල රුපියල් 10කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ජල බිල්පත් වැඩි කිරීමෙන් දැනට ජල ඒකකයට ගෙවන රුපියල් 58ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ යන බවත් ඒ අනුව මසකට රුපියල් 45,000ක් පමණ ගෙවීමට සිදුවන බවත් එම සංගමය කියයි.

ජල බිල් වැඩිකිරීමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ හෝටල් හා ආපනශාලා ඉදිරි දිනක පැය 2ක් වසා තැබීමටතීරණය කර ඇති බවත් එය ක්‍රියාත්මක කරන දිනය හා වේලාව මෙම මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි.