FAST NEWS

24×7 Around the Globe

මුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය ඊයේ (14) සිට යථා තත්වයට..

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව සිට රත්මලාන අතර දුම්රිය ධාවනය ඊයේ (14) සිට යථා පරිදි සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

දුම්රිය පාලමක් ඉදිකිරීම හේතුවෙන් පසුගිය 11 වැනිදා රාත්‍රී 10.00 සිට අද (15) පස්වරු 3.00 දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව මෙයට පෙර නිවේදනය කර තිබිණි.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලුම දුම්රියන් නියමිත කාලසටහන්වලට අනුව ධාවනය කරන බවද විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.