FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අයවැය ගැන කියන්න ජනපති හමුවට..

මෙවර අයවැයේ දී එක් එක් අමාත්‍යාංශවල සිදුකර ඇති අයහපත් යෝජනා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී දැනුවත් කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂ අාරංචි මාර්ග පැවසීය.

අමාත්‍යවරුන් ලෙස තමන්ගෙන් කිසිදු විමසීමක් නොකර තම අමාත්‍යාංශ විෂය පථයන්ට අදාළ යම් යම් තීන්දු තීරණ ගැනීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුවත් කරන බවත් සඳහන්ය.

අමාත්‍යවරුන් ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත් මෙවර අයවැයට ඉදිරිපත් කළ යෝජනා එයට ඇතුළත් කරනවා වෙනුවට විෂය භාර අමාත්‍යවරයාට හෝ දැනුම්දීමක් නොකර අමාත්‍යාංශ කටයුතුවලට ඇඟිලි ගැසීම තුළ අමාත්‍යවරුන් ලෙස තමන් දැඩි අපහසුතාවට පත්වූ බවත් ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍යවරු කිහිප දෙනෙක්ම පවසා අැති බවද පැවෙස්.