FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ දේවස්ථානයක බෝම්බයක් පුපුරා 50ක් මරණයට…

 

පාකිස්තානයේ දකුණු දිග කලාපයේ පිහිටි ෂා නුරානි නැමැති  සුෆි මුස්ලිම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකට හසු වී පුද්ගලයන් පනස් දෙනෙකු මරණයට පත් වී ඇති බව එරට බලධාරීහු පවසා තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මරණයට පත් පිරිස අතර දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරය අයි.එස් ත්‍රස්තයින්ට සහාය දක්වන පකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් විසින් සිදු කරන්නට ඇතැයි පකිස්ථාන ආරක්ෂක අංශ සැක පළ කර තිබේ.

කරච්චි නුවර උතුරු කලාපයේ පිහිටි නූරානි දේවස්ථානයට පැමිණි සුෆී බැතිමතුන් පූජා පවත්වමින් නර්තනයේ යෙදෙන අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

පාකිස්තානයේ ප්‍රසිද්ධ සුෆි ගායකයකු වූ අම්ජාඩ් සබ්‍රි කරච්චි නුවරදී ඝාතනයට ලක් කොට මාස කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක්ද වේ.