FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් විරවංශ FCID යට..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (14දා) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වීරවංශ මහතා මෙසේ කැඳවා තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මන්ත්‍රිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.