FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් – නැගෙනහිර වෙරළ තීරණයට සුනාමි එයි…

 

නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි මෙය රික්ටර් පරිමාණ 7.8ක පමණ ප්‍රබල භූ කම්පනයකි.

මීට පෙර මෙය රික්ටර් පරිමාණ 7.4ක භූ කම්පනයක් ලෙස වාර්තා විය.

බලධාරීන් විසින් නැගෙනහිර හා දකුණු වෙරළ තීරයේ ජීවත්වන ජනතාවට සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණු අතර, මේ වනවිට මීටර් 2ක් පමණ උස ප්‍රථම උදම් රළ නැගෙනහිර වෙරළ තීරණයට පැමිණ ඇති බවද විදෙස් වාර්තා පවසා තිබේ.

පුද්ගලයන් 2,000ක් පමණ ජීවත්වන ඇම්බරේලේ නගරයට කිලෝමීටර් 46ක් දුරින් හා පුද්ගලයන් 10,000ක් පමණ ජීවත්වන කායාපෝයි නගරයට කිලෝමීටර් 70ක් පමණ දුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවත්, එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් ඇතිවී තිබෙන බවත් එම ආයතනය පෙන්වා දී තිබේ.

2011 වසරේදී රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ ක්‍රිස්ට්චර්ච් පළාත ආශ්‍රිතවම මෙම භූ කම්පනය සිදුව ඇති අතර, 2011 වසරේදී ඉන් ජීවිත හානි 185ක් සිදුවිය.