FAST NEWS

24×7 Around the Globe

කලාකරුවන්ගේ සුබසාධනයට අරමුදලක් පිහිටුවනවා…

 

කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාතික අරමුදලක් පිහිටුවීමට ඉදිරියේ දී රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

සිනමාව මඟින් රටක සංස්කෘතික අගයන් ප්‍රවර්ධනය කරන කලාකරුවන්ගේ සුබසාධනය කෙරෙහි වගකිව යුතු අංශවල අවධානය යොමුව නොමැති බවට ඇතැම් අවස්ථාවල පෙනී යන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එම අවශ්‍යතාව සපුරමින් මෙම අරමුදල පිහිටුවන බව සිග්නීස් උත්තමාචාර 2016 සිනමා හා ටෙලි සම්මාන උළෙලට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

මෙම සම්මාන උළෙලේ දී 2015 වසරේ නිර්මාණශීලී හොඳම නළුවා ලෙස “ඔබ නැතුව ඔබ එක්ක “ චිත්‍රරපටයේ ශ්‍යාම් ප්‍රනාන්දු සම්මාන හිමිකරගත් අතර හොඳම නිළිය ලෙස බොරදිය පොකුණ චිත්‍රපටියේ කෞෂල්‍යා ප්‍රනාන්දු සම්මාන හිමිකරගෙන තිබේ.

නිර්මාණශීලි හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් “හෝ ගානා පොකුණ“ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඉන්දික ෆර්ඩිනෑන්ඩු සම්මාන හිමිකරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.