FAST NEWS

24×7 Around the Globe

ජපන් මුහුදේ 6.2 ක භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු දූපතට ඔබ්බෙන් සාගරයේ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි සෙනසුරාදා අලුයම් කාලයේදී සෙන්ඩායි නගරයට කිලෝමීටර් 65ක් පමණ ඊසානදිගින් සාගරයේ මෙම භූ කම්පනය සිදුව තිබේ.

මේ අතර, ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 5.8ක් ලෙස වාර්තා කර ඇති අතර, සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත.

මේ අතර පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද සඳහන් කර සිටියේ ප්‍රබල උදම්රළ ඇතිවීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

එමෙන්ම, භූ කම්පනයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට බලපෑක් සිදුව නොමැති බවද ටෝකියෝ විදුලිබල සමාගම පවසයි.